Pages

Saturday, March 17, 2012

වැදගත්ම හිතේ සතුටයි.....



ජීවිතය ඔබට ලබාදීලා තියෙන ඉලක්ක ප්‍රමාණයයි, ඒ සදහා ලැබිලා තියෙන කාලයයි ගත්තම, ඒ සියල්ලම සපුරා ගන්න තියෙන කාලයත් අතර යම් නොගැලපීමක් තියෙනවද මන්දා? මේ තරම් සන්කීර්ණ, වේගවත් සමාජ ක්‍රමයක් බිහිවෙන්න මුලිකම හේතුවත් ඕකමයි. තවකෙකු පරයා තවකෙකු නැගීසිටීමට දරන උත්සාහය තුල සියලු දේ තුල ඇත්තේ තරගකාරීත්වයයි. ශිෂ්‍යයෝ ඉගෙන ගන්නා තරගයක, තරුණ තරුණියෝ ‍රැකියා සොයන තරගයක, තව පැත්තකින් දෙමව්පියෝ මුදල් හොයන තරගයක අදී වශයෙන් සියලු දෙනාම මොකක් හෝ තරගයක.
               හිමින් සීරුවේ හිතලා බලන්න ඔබ ඔබේ ජීවිතයේ ජයග්‍රහණ ලෙස හිතන් ඉන්නේ මොනවද කියලා, විභාග පාස් වෙන එක, විධායක ශ්‍රේණියේ ‍රැකියාවක්, එහෙමත් නැත්තන් කෙටියෙන්ම  කියනවා නම් අවසානයේ ලොකු සල්ලිකාරයෙක්, ලොකු මිනිහෙක් වෙන එක. කාලෙත් එක්ක යාවත් කාලීන වෙන ඔබේ හීන අතර ටයිල් කරපු ගෙයක්, ගෙදරට බොක්සර් බල්ලෙක්, හයිබ්‍රිඩ් කාර් 1ක් නොතිබුනාම නොවේ නේද?
( අද කාලේ මිනිහෙකුගේ සමාජ තත්වය නිර්නය කරන          නිර්නායකයන්ගෙන් සමහරක් තමා මම ඔය කිව්වේ )






නමුත් ජීවිතයේ සැබැ ජයග්‍රහණය වන්නේ ඔබ කොයි තරම් හම්බ කරනවාද? ඔබට කොයි තරම් වියදම් කරන්න පුලුවන්ද? , ඔබ ඉන්න සමාජ තත්වය කියන සාධකයන් මත නෙවේ කියන එකයි මගේ හැගීම නම්.
සැබැ ජයග්‍රහණය නම් "හිතේ සතුටයි"
ඔබට යහමින් මුදල් තිබුණු පමනින්ම සතුට කියන කාරණාව ඔබ වෙත එයි කියලනම්  කොයිම වෙලාවකවත් හිතන්න එපා.
ඔබේ හිතේ සතුට තීරණය වන්නේ ඔබට තියෙන්නේ මොනවද කියන එක මත නෙවෙයි, ඔබට ඕන මොනවද කියන එක මතයි. සමාජෙට පේන්න ලොකු ලොකු දෙවල් තමන් සතු කර ගත් තමන් ලොකුයි කියා ගන්න මිනිස්සු ගොඩදෙනෙක් පුන්චිම පුන්චි දෙවල් වලටත් තැවි තැවී ජිවත් වෙනවා, ඒක තමයි ඇත්ත. ඔය කියන කාරණාව සමාජයේ පවතින වේගයත් එක්ක ඔබට මට අපි හැමෝටම වෙන්න පුලුවන් දෙයක්. කවුරු කොහොම කිව්වත් අපි හැමෝම ජිවත් වෙන්නේ එකම පරමාර්ථයක් සපුරා ගන්න ඒ තමයි ජිවිතේ සතුට. වැ‍රැද්ද තියෙන්නේ මිනිස්සු සතුට කියන කාරණාව හොයන ක්‍රමයෙයි. සමහරු ඉන්නවා මොන දේ ලැබුනත් සතු‍ටු වෙන්නේ නැ, එයාලව සතු‍ටු කරන්නත් බැ. තව සමහරු ඉන්නවා මොකුත්ම නැතිව උනත් ගොඩක් සතුටින් ඉන්න. 





ඔබට අවශ්‍ය දේ තියෙන්නේ ඔබම තුල මිසක් බාහිර සමාජය තුල නෙවෙයි. සතුට කියන එක බාහිර සමාජයත් එක්ක පටලවා ගන්න හදන්න එපා. පරාජයන් ප්‍රමාණයට වඩ ජයග්‍රහණ ප්‍රමාණය ඉහල ගියාම ඒ ජිවීතය දිනපු චරිතයක්, මන්ද ජිවිතය කියන්නේ එක්තරා විදිහක ජයග්‍රහණ හා පරාජයන් ගණනක එකතුවක්  වෙන නිසාවෙනි.
කොහොම හරි මට කියා ගන්න ඕන වුනේ " ජිවිතයේ සතුට කියන එක ‍රැදිලා තියෙන්නේ අපට ලැබෙන නොලැබෙන භෞතික කාරණාත් එක්ක නෙවේ" කියන එකයි  :)



2 comments:

  1. //ජිවිතයේ සතුට කියන එක ‍රැදිලා තියෙන්නේ අපට ලැබෙන නොලැබෙන භෞතික කාරණාත් එක්ක නෙවේ//

    සම්පූර්ණයෙන්ම එකගයි.

    ReplyDelete
    Replies
    1. ඔව් :) ඒත් ගොඩක් දෙනා මේ යථාර්තය තේරුම් ගන්නේ නෑ.

      Delete