Pages

Monday, June 12, 2017

අපිත් පුලුවන් තරම් open මනසක් buildup කර ගමු (ජීවිතයට යමක්...)

(උපුටා ගැනීමකි)
Steve Jobs කියන්නේ මුලු ලොකේම හොල්ලපු iphone එක, ipad එක සහ ipod එක නිර්මාණය කරපු Apple කොම්පැණිය හිටපු ලොකු මහත්තයා. Apple සමාගේම net worth එක මේ වන කොට ඩොලර් බිලියන 750 ක් විතර වෙනවා. ඉතින් තනි මනුස්සයෙක් කොහොමද මේ ගමන පටන් ගත්තේ,
Jobs මහත්තයා කියන විදියට පලවෙනි දේ තමන්ගේ හිතට ඇහුකම් දෙන එක. ජොබ්ස් මහත්තයා විශ්ව විදයාලට ඉගෙන ගන්න ගියත් එයා කියන විදියට ඒක එයාට කවදාවත් fit වුනේ නැතිලු. එකේ උගන්නපු විශයන් වලින් ජොබ්ස් මහත්තයා එයාට ආස පන්ති වලට විතරක් ගිහින් පස්සේ පස්සේ ඒ ගමන එහෙම් පිටින්ම නවත්තලා දැම්මා. එයාගේ දෙපාපියො මේකට විරුද්ධ වුනත් එයා තදින්ම එයාගේ හිත කියන එකට ඇහුම්කම් දුන්නා. කවදාවත් විශ්ව විදයල අධයපණයට එයාට ඔනේ තැනට එයාව අරන් යන්න බැරි බව jobs මහත්තයාට පොඩි කාලේදිම තෙරුණා කියලා තමා ඒ මහත්තයා කියන්නේ.
කොයි දේත් වෙන්නේ හොදට. මේක අපි දන්න ගොඩක් අය කියන කතාවක්. ජොබ්ස් මහත්තයා apple කොම්පැණිය පටන් අරන් අවුරුදු 10ක් ගියාට පස්සේ එයාගේම කොම්පැණියේ ලොක්කො ටික එකතු වෙලා එයාව apple එකින් අස් කරා. තමන්ම පටන් ගත්ත කොම්පැණියෙන් තමන්වම අස් කරනවා කියන එකනම් මට නම් හිතා ගන්නවාත් බැ. ජොබ්ස් මහත්තයා කියන විදියට ඒක එයාට දරා ගන්නවත් බැරි වුනාලු. හැබැයි ටික කාලයක් යනකොට jobs මහත්තයාටම තෙරුණා එයා කොච්චරනම් මේ කොම්පියුටර් වලට, technology වලට ආසද කියලා. ඉතින් ජොබ්ස් මහත්තයා තවත් කොම්පැණි දෙකක් පටන් ගත්තා next කියලයි. pixar කියලා. pixar එකෙන් තමා, finding nemo, toy story, wall-e, the incredicable වගේ ලොකා පරසිද්ධ animation movies හැදුවේ. පස්සේ එයාගේ next කොම්පැණිය apple කොම්පැණියම ඇවිත් සල්ලි දීලා ගත්තා. පස්සේ අන්තිමට jobs මහත්තයා නැවතත් apple සමාගමට එකතු වුනා විතරක් නෙමෙයි. ipod එක සහ iphone එක වගේ සුපිරි products හදුන්වලා දිලා ලොකේ ඉහලම තැනකට apple එක ගෙනාවා. ඉතින් ජොබ්ස් මහත්තයා කියන විදියට එයාගේ ජීවිතේ වෙච්ච හොදම දේ එයාව එයාගේම කොම්පැණියෙන් අස් කරපු එකලු. මේ වගේ දෙයක් වුනාම ගොඩක් අය කරන්නේ, එ මිනිස්සුන්ට ශාප කරන එක, අඩා වැලපෙන එක එහෙම නැත්නම් ඔක්කොම දමලා ගහලා නිහඩ වෙන එක. ඉස්සරහට වෙන දේවල් අපි දන්නේ නැ. කරන්න තියෙන හොදම දේ, තමන්ගේ විස්වාසේ ඉතිරි කරන්, හිත දැඩි කරන් ඉදිරියට යන එක.
ජොබ්ස් මහත්තයාගේ පුරුද්දක් තිබුනලු හැමදාම කණ්නාඩිය ඉස්සරහට ගිහින් එක පරස්නයක් අහන්න. අද මගේ අන්තිම දවසනම්, මම අද මොනවද කරන්නේ? එයාගේ හිත දෙන උත්තරයයි එයා ඒ දවසේ ඇත්තටම කරන්න යන දේවලුයි පරස් පර විරොඩිනම් jobs මහත්තයා කියන විදියට ඔයාගේ ජීවිතේ ලොකු අවුලක් තියෙනවා. ගොඩක් අය තමන් වෙනුවෙන් ජීවත් වෙනවට වඩා සමාජය, දෙමාපියො, නැදැයො කියන දේවල් වලට ගැලපෙන්න ජීවත් වෙනවා. අනික් මිනිස්සු සතුටු කරන්න ජීවත් වුනොත් ඔයාට කවදාවත් සතුටින් ජීවත් වෙන්න බැ.
ජොබ්ස් මහත්තයා පැහැදිලි කරන තවත් දෙයක් තමා කලයේ වටිනාකම. වටින කාරකෙක් ගන්න, ලොකු ගෙයක් හදන්න, වටින phone එකක් ලොකේටම පෙන්න පවිච්චි කරන්න අපි කවුරුත් ආසයි. නමුත් මේ කොච්චර දේවල්, කොච්චර හම්භ කරත් කාලේ කියන එක හම්භ කරන්න අපි කාටවත් බැ. ඩොලර් බිලියන ගානක් හම්භ කරත් jobs මහත්තයාටත් අවසානයේ මාරාන්තික පිළිකාවක් වැලදුනා. ඉතින් මේ බඩුමුට්ටු වලට වැඩි වටිනාකමක් නොදි, තමන්ගේ හිතේ සතුටටයි, අපි වටේ ඉන්න අනික් අයගේ සතුටටයි වැඩි වටිනාමක් දුන්නොත් අපි සෙරටම මිට වඩා සාරථකව ජීවත් වෙන්න පුලුවන් වෙයි.
අන්තිමට ජොබ්ස් මහත්තයා කියනවා හැමවෙලාවේම තමන් දන්නෙ නැ කියලා හිතන්න කියලා. මන් හිතන්නේ ඔයාට අනන්තවත් හම්භවෙලා ඇති දන්නැ කියලා පිලි ගන්න ඇකමැති මිනිස්සු. මේ තමන් සෙරොම දන්නවා කියලා හිතනකොටම ඒ මනුස්සයා එක කොටුවකට හිර වෙලා ඉවරයි මොකද එ මනුස්සයාම එයාට කිසි දෙයක් ඉගෙන ගන්න අවස්තාවක් නොදෙන නිසා. ලොකේ ඉහල පෙලේ මිනිස්සු ඒ තැන් වලට ගියේ වෙන උදව්වෙන් සහ ඒ අයගෙන් ඉගෙන ගත්තු නිසා. ඉතින් අපිත් පුලුවන් තරම් විවුර්ත මනසක් build කර ගමු.
(උපුටා ගැනීම :- http://www.gappiya.com/blog/2017/06/12/lessons-from-steve-jobs-sinhala-motivation-gappiyathinking/ )

Sunday, May 29, 2016

"බලාපොරොත්තුව"

කොල්ලා : මං ඔයාට ආදරෙයි
කෙල්ල:hmmm
කොල්ලා :-) විශ්වාසයක් නෑ නේද? මං කියන්නේ ඇත්ත
කෙල්ල: කියන්න බලන්න

මහා ලොකු වෙඩිමක් ගන්න අදහසක් මට නෑ, ඒත් අඩුවක් තියන්නේ නෑ මං, ගොඩක් චාම් වෙන තරමට ආසයි මං, එහෙමයි කියලා ඔයාගේ ආසාවන් එකක් වත් අඩු කරන්නේ නෑ. කොටින්ම හැමදේම වෙන්නේ ඔයාගේ හිතේ තියෙන විදියට, කැමති විදියටමයි හැබැයි මොනම හේතුවකට වත් මගුල් ගෙදර මත් වතුර නම් බෑ (නෑ)
මුලින් පුතෙක් ඕන ඊළගට දුවෙක් දරුවො දෙන්නෙක් ඇති නේද? පුතයි දුවයි නොලැබුනොත් තුන් වැන්නෙක් අරන් හදා ගමු
ඊලගට වැඩ කරන තැන හිත් අමනාපකම් ගෙදරට ගේන්න බෑ, වැඩ කරන තැන පිරිමි අය එක්ක කතා කරන්න, එලියට යන්න තහංචි නෑ, වැරදි හැගීමක් ඇති උනොත් " මං ඔයාට ගොඩාක් ආදරෙයි " කියලා විතරක් මතක තියා ගන්න.
මන් දන්නවා ඔයාට අම්මලා බලන්න ඕන, එයාලට සලකන්න ඕන. ඒවා ඔයා මගෙන් අහන්න, අවසර ගන්න ඕන නෑ. මට අම්මලා දෙන්නෙකුයි තාත්තලා දෙන්නෙකුයි වැඩි නෑ. අම්මලා බලන්න යන් කියලා එක්කන් යන්නේ මන්ම තමා, එයාලා මහ ගෙවල් දාලා එන්න කැමති උන දවසට එයාලා බලා ගන්නේ සලකන්නේ අපි. මට අම්මල දෙන්නයි තාත්තලා දෙන්නයි
අතීතේ ඉවරයි, මගේ අතීතේ මන් ඔයාට කිව්වා, ඔයාගේ අතීතේ දැන ගන්න මට උවමනාවක් නෑ, ඇත්තමයි මට එක වැදගත්ම නෑ, ඒත් ඔයාගේ අතීතේ කාටහරිම කියන්න ඕන නම් ඒකට තමා මන් ඉන්නේ.
මම සර්ව සම්පූර්ණ නොවෙන්න පුලුවන්, වැරදි අඩුපාඩු වෙයි, එහෙම වෙච්ච තෑනක ආදරෙන් මට කියලා දෙන්න, අපි අපිව හදා ගමු.
රහස් තියෙන්න බෑ , මට ඉන්න හොදම යාලුවා, හිතවතා වෙන්නෙත් ඔයාමයි, කොටින්ම "මගේ හැමදේම ඔයා" යාලුවෝ නෑදැයෝ ඉන්නවා කියලා බෑ යන එන තැනක අපි යන්නේ එකට නම් මන් යන්නේ කොතැන උනත් මං ඉන්නේ ඔයාගේ ලගමයි
උම්මා ඕන කවුරු හිටියත්, අපේ පුංචි පුංචි හාදු, තුරුලු කර ගැනීම් දරුවන්ට අලුත් දෙයක් වෙන්නේ බෑ
එක්කෙනෙක්ට තරහ ගිය වෙලාවට අනිත් එක්කෙනා ඉවසන්න ඕන, බැහැම නම් ටිකක් තනියෙන් ඉන්න දෙන්න ඕන, ඒත් පුංචිම පුංචි වෙලාවක්, අත උස්සන්නේ නෑ කවමදාවත් ඔයාට, එහෙම කරන්න බෑ මට, වරද කාගේ උනත් කියල දෙන්න ඕන හෙමිහිට.
පුලුවන් හැම වෙලාවෙම ගෙදර වැඩට උදව් කරන්නම්, බැරිම නම් ලගට වෙලා හරි ඉන්නම්, මගේ ඇදුම් පුලුවන් වෙලාවට මමම හෝදගන්නම්
කන වෙලවට කොහෙදි උනත් මට මගේ අතින් කන්න උවමනා නෑ, ඔයා තමයි මට කවන්න ඕන, මත් එහෙමයි සමහර දවස් වලට ඔයාව නාවන්නේ මං, ඇදුම් අන්දන්නෙත් මන්, තව කොණ්ඩේ පීරන්නෙත් මන්, එබින්නත් ඕන. දරුවෝ ලොකුයි කියලා බෑ, ඔයාගේ උකුලේ ඔලුව තියන් ඔයගේ මුන දිහා බලන් කතා කර කර ඉන්න ඕන, ඔතකොට ඔයා මගේ ඔලුව අත ගාන්නත් ඕන.
දරුවෝ අලුත් ලෝකය හොයාගෙන යනකොට මැදහත්ව ඉවසමු, උන්ට නිදහස දෙමු, එත් අපේ ආදරේ වෙනසක් අඩුවක් නෑ කියල උනට පෙන්නමු, දැනෙන්න හරිමු.
හාද?

බලාපොරොත්තු වෙන්න...........

Thursday, July 9, 2015

බලාපොරොත්තුව

"බස් එකේදී මතක් වෙලා බැහැපු ගමන් අමතක උන කවියක් සේ මැකී නොගොස් කිව තව ඔබ මගෙ සිත ලග"
Coming Soon... :-)

Monday, April 23, 2012

අරමුණක්, අභියෝගයක් නැති ජිවිතයක කිසිම go එකක් නෑ.....


අපි හැමෝටම ජිවිතයේ විවිධාකාර අරමුණු තියෙනවා. කතාවටත් කියනවනේ "අරමුණක් නැති ජිවිතය පරිප්පු නැති හෝටලේ වගේ" කියලා. (ලිපිනය නොලියා තැපැල් කරපු ලියුමුත් ඔය වගේ තමා) කොහොම හරි අරමුණු කියන ඒවාට ජිවිතේ ඒ තරම්ම වැදගත් කමක් ලැබෙනවා. ඒ වගේම හැම ජිවිතේටම අභියෝග කියන ඒවා තියෙනවා. සමහරු ඒවට මුහුණ දෙනවා සමහර වෙලාවට දිනනවා, තවත් වෙලාවක පරදිනවා. සාමාන්‍යයෙන් අරමුණක්, අභියෝගයක් නැති ජිවිතයක කිසිම go එකක් නෑ. කොහොම උනත් සමහර වෙලාවට අපේ තියෙන භෞතික සහ අධ්‍යාත්මික වත් පොහොසත් කම් වලට වඩා ගොඩක් වැඩි බලාපොරොත්තු අපේ ජිවිත වල තියෙනවා, ඒක තමා ඇත්ත.


 සමහරු ජිවිතේ තීරණාත්මක මොහොතකදී ගොඩක් කල්පනා කරලා හදාගන්න එක අරමුනක් වෙනුවෙන් මුලු ජීවිතයම කැප කරනවා. තවත් සමහරු තමන්ගේ හැකියාවන් පිලිබදව අනවබෝධයෙන් ජීවිත කාලයම පුරාම එක එක අරමුණු කරා ජිවිතය මෙහෙයවමින් මුලු ජීවිත කාලයම නන්නත්තාර කර ගන්නවා. අරමුණු කියන ඒවා කාලයත් එක්ක update වෙන්න ඕන කියලයි මට හිතෙන්නේ. එතකොටයි ජිවිතේ turning point සින්හලෙන්ම කිව්වොත් ජිවිතයේ හැරවුම් ලක්ශ්‍යය තීරණය වෙන්නේ.

උත්සාහවන්තකම පෞරුෂයේ ප්‍රබල සලකුණකි.

"උත්සාහවන්තයා ජය ගනී" යැයි සුප්‍රකට කියමනක් අපි හැමෝම අසා තියෙනවා, එය හුදෙක් කට වචනයටම දෙඩුවක් නොවේ, යථාර්ථවාදී කියමක්. ඔබේ දියුණුව රදා පවතින්නේ ඔබේ උත්සාහයේ පරිමාව මතයි. ඔබ උත්සාහවන්ත වන තරමට දියුණුව ඔබ පසුපස එයි. ඔබ කොතරම් උත්සාහ කලත් මෙච්චර තමා යැයි හූල්ලමින් ජිවත් වෙන්නා කිසිදා දියුණුවක් නොලබයි. උත්සාහයේ ප්‍රතිපලද සෝඩා බොතලේ කැඩුවම වගේ ක්ෂනයෙන් ලැබෙන්නේද නැත, ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවද එයද තීරණය වන්නේ ඔබ යොදන උත්සාහයේ පරිමාව තරම මතය.

"ජිවිතේ සටන් නිරන්තරයෙන්ම වඩා වේගවත් වූත් වඩා ශක්තිමත් වූත් මිනිසා විසින්ම ජයගනු නොලබයි, ඉක්මන් වී හෝ පමා වී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකියැයි සිතන මිනිසාය"

ජීවිතේ අපි ලබන ඕනෑම ජයග්‍රහණයකදී අපිට තවත් අලුත් අරමුණක් නිර්මානය වෙනවා, ඒක බොහොම ස්භාවිකයි, සා,පෙ විභාගේ ලියපු ළමෙක් ඊලග ඉලක්කය උසස් පෙල කර ගන්නවා, රටේ අගමැති වෙච්ච මනුස්සයා උනත් හිතන්නේ ඊලගට ජනාධිපති වෙන්නේ කොහොමද කියලා, ඒක බලලෝභි කම නිසාවත්, අනිකුත් වරප්‍රසාද ගැන විතරක්ම හිතලා වෙන්නක් නෙවේ, සමහරවිට ඒ මනුස්සයාගේ අරමුණ වෙලා තියෙන්න ඇත්තේ රටේ ජනාධිපතිකම වෙන්නත් ඇති කෙසේ හෝ වේවා ඕනෑම ජයග්‍රහනයකදී හැම වෙලාවෙම ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යක් වෙනවා, ඒ නිසයි ජිවිතේ අපි ලැබු සෑම  ජයග්‍රහණයක්ම අපිට විශේෂ මතක සැමරුම් වෙලා තියෙන්නේ. 5 ශිෂ්‍යත්වය, සා.පෙ, උසස් පෙළ, ‍රැකියාවක් ලැබුණු දවස, උසස් වීමක් ලැබුණු දවස ........... etc
කොහොම හරි  හැම ජයග්‍රහණයක්ම ජීවිතයක හැරවූම් ලක්ෂ්‍යයක්.

ඒත් මේ ගැන හිතුවද?

දියුණුවන්නට කැමති සෑම පුද්ගලයෙගේම ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ "පරාජයන්". එහෙම දියුණු වෙච්ච සෑම මිනිහෙක්ම ජිවිතේ කොයිම හෝ මොහොතක හරි අනන්තයටම පරායය වෙලා ඇති. (ඒක එහෙමම වෙන්න ඕන කියලා නියමයක් නම් නෑ) පරාජයන් අභිමුවේ එය තවත් එක සිදුවීමක් යැයි සිතා සිටින අය මන් මේ කියන දේ එක්ක එකග නොවෙන්න පුලුවන්. නමුත් කරන කියන හැමදේකින්ම යහපත් දෙයක් බලාපොරොත්තු වෙන බුද්ධිමත් මිනිසුන් අත්වැරදීමකින් හෝ ලැබූ පරාජයන් ජිවිතයේ වටිනාම කියන හැරවුම් ලක්ෂ්‍යයක් බවට පරිවර්තනය කර ගන්නවා.

"දැඩි ආත්ම" විශ්වාසය
ඔබේ ජිවිතයේ සියලු ජයග්‍රහණ
ඔබට තවත් ලන් කරනු ඇත.
"ඕනෑකම" විසින් 
ඔබ සතු "ආත්ම විශ්වාසය"
තව තවත් වැඩි කරනු ඇත.
ජිවිතයේ සියලුම ජයග්‍රහණ ලැබු "වාසනාවන්තයා" යනු
"ඕනෑකම" ඇතිව ක්‍රියා කල පුද්ගලයා වේ.
"වාසනාව" යනු
ඕනෑකමට තවත් නමක් මිස
ඔබට උරුමයෙන් හෝ සහජයෙන් හෝ ලැබෙන්නාක් නොවේ.
කරන වැඩක් ඕනෑකම ඇතුව කරන්න
"ඕනෑකම" ඇත්නම් කරන්න 
බැරි වැඩක් නැත.
"ඕනෑකම" නැතිනම් කරන්න පුලුවන් වැඩක්ද නැත.

ජිවිතේ හැම තත්පරයක්ම හරිම වටිනවා, ඔබ නොසිතා ගෙවා දමන සෑම තත්පරයකම වටිනාකම අනාගතයට ආයෝජනයක්.


හීන් සීරුවේ හිතලා බලන්න......... :)

Saturday, March 17, 2012

වැදගත්ම හිතේ සතුටයි.....



ජීවිතය ඔබට ලබාදීලා තියෙන ඉලක්ක ප්‍රමාණයයි, ඒ සදහා ලැබිලා තියෙන කාලයයි ගත්තම, ඒ සියල්ලම සපුරා ගන්න තියෙන කාලයත් අතර යම් නොගැලපීමක් තියෙනවද මන්දා? මේ තරම් සන්කීර්ණ, වේගවත් සමාජ ක්‍රමයක් බිහිවෙන්න මුලිකම හේතුවත් ඕකමයි. තවකෙකු පරයා තවකෙකු නැගීසිටීමට දරන උත්සාහය තුල සියලු දේ තුල ඇත්තේ තරගකාරීත්වයයි. ශිෂ්‍යයෝ ඉගෙන ගන්නා තරගයක, තරුණ තරුණියෝ ‍රැකියා සොයන තරගයක, තව පැත්තකින් දෙමව්පියෝ මුදල් හොයන තරගයක අදී වශයෙන් සියලු දෙනාම මොකක් හෝ තරගයක.
               හිමින් සීරුවේ හිතලා බලන්න ඔබ ඔබේ ජීවිතයේ ජයග්‍රහණ ලෙස හිතන් ඉන්නේ මොනවද කියලා, විභාග පාස් වෙන එක, විධායක ශ්‍රේණියේ ‍රැකියාවක්, එහෙමත් නැත්තන් කෙටියෙන්ම  කියනවා නම් අවසානයේ ලොකු සල්ලිකාරයෙක්, ලොකු මිනිහෙක් වෙන එක. කාලෙත් එක්ක යාවත් කාලීන වෙන ඔබේ හීන අතර ටයිල් කරපු ගෙයක්, ගෙදරට බොක්සර් බල්ලෙක්, හයිබ්‍රිඩ් කාර් 1ක් නොතිබුනාම නොවේ නේද?
( අද කාලේ මිනිහෙකුගේ සමාජ තත්වය නිර්නය කරන          නිර්නායකයන්ගෙන් සමහරක් තමා මම ඔය කිව්වේ )






නමුත් ජීවිතයේ සැබැ ජයග්‍රහණය වන්නේ ඔබ කොයි තරම් හම්බ කරනවාද? ඔබට කොයි තරම් වියදම් කරන්න පුලුවන්ද? , ඔබ ඉන්න සමාජ තත්වය කියන සාධකයන් මත නෙවේ කියන එකයි මගේ හැගීම නම්.
සැබැ ජයග්‍රහණය නම් "හිතේ සතුටයි"
ඔබට යහමින් මුදල් තිබුණු පමනින්ම සතුට කියන කාරණාව ඔබ වෙත එයි කියලනම්  කොයිම වෙලාවකවත් හිතන්න එපා.
ඔබේ හිතේ සතුට තීරණය වන්නේ ඔබට තියෙන්නේ මොනවද කියන එක මත නෙවෙයි, ඔබට ඕන මොනවද කියන එක මතයි. සමාජෙට පේන්න ලොකු ලොකු දෙවල් තමන් සතු කර ගත් තමන් ලොකුයි කියා ගන්න මිනිස්සු ගොඩදෙනෙක් පුන්චිම පුන්චි දෙවල් වලටත් තැවි තැවී ජිවත් වෙනවා, ඒක තමයි ඇත්ත. ඔය කියන කාරණාව සමාජයේ පවතින වේගයත් එක්ක ඔබට මට අපි හැමෝටම වෙන්න පුලුවන් දෙයක්. කවුරු කොහොම කිව්වත් අපි හැමෝම ජිවත් වෙන්නේ එකම පරමාර්ථයක් සපුරා ගන්න ඒ තමයි ජිවිතේ සතුට. වැ‍රැද්ද තියෙන්නේ මිනිස්සු සතුට කියන කාරණාව හොයන ක්‍රමයෙයි. සමහරු ඉන්නවා මොන දේ ලැබුනත් සතු‍ටු වෙන්නේ නැ, එයාලව සතු‍ටු කරන්නත් බැ. තව සමහරු ඉන්නවා මොකුත්ම නැතිව උනත් ගොඩක් සතුටින් ඉන්න. 





ඔබට අවශ්‍ය දේ තියෙන්නේ ඔබම තුල මිසක් බාහිර සමාජය තුල නෙවෙයි. සතුට කියන එක බාහිර සමාජයත් එක්ක පටලවා ගන්න හදන්න එපා. පරාජයන් ප්‍රමාණයට වඩ ජයග්‍රහණ ප්‍රමාණය ඉහල ගියාම ඒ ජිවීතය දිනපු චරිතයක්, මන්ද ජිවිතය කියන්නේ එක්තරා විදිහක ජයග්‍රහණ හා පරාජයන් ගණනක එකතුවක්  වෙන නිසාවෙනි.
කොහොම හරි මට කියා ගන්න ඕන වුනේ " ජිවිතයේ සතුට කියන එක ‍රැදිලා තියෙන්නේ අපට ලැබෙන නොලැබෙන භෞතික කාරණාත් එක්ක නෙවේ" කියන එකයි  :)



Monday, March 12, 2012

ගණිතය මෙන්ම දේවත්වයත් පෙන්වූ ඔහු...




ජීවන ගමන් තලාවේ අපට හමුවන දහසකුත් අය අතුරින් මතකයේ රෑදී සිටින චරිත වේ නම් ඒ බොහොම අතලොස්සකි. ඒ බොහොමයක් දෙනා ජීවිත කාලය පුරාවටම අපට අමතක කරන්න බෑරි, මේ සන්සාර ගමනේදී අපට හමුවන එක්තරා සොදුරුබරම මනුශ්‍යය කොට්ඨාශයක්  ම නිසාවෙනි. ඒ අතුරිනුත් මගේ ගුරුවරයෙක් වේ නම් ඔහුට හෝ ඈයට මා අතිමහත් ගෞරවයක්  දක්වන්නේ පොතේ පතේ දෑනුම මෙන්ම ජීවන දර්ශනය ගෑන වදනකින් හෝ ඔවදනක් දී මාගේ ජීවිතය පහන් කරන්නට දෑක්වු වෙහෙසට ප්‍රණාමයක් දක්වනු පිණිසම නොව, කුඩා කල සිටන්ම ගුරුවරුන්ට දක්වන අපිරිමිත සෙනෙහස, ආදරය, අසීමිත ඈල්මය. 

13 වසරක් පාසල තුලත් එතෑනින් ඔබ්බට නොයෙකුත් තෑන් වලදි ගුරුවරයා කියන චරිත අපි අඹිමුවට පෑමිනේ. ගෙවුනු කාලය පුරාවට නිතෑතින්ම සිහියට නෑගෙන, මතකයෙන් නොගිලිහෙන, හදවතේ රෑව්දෙන මන් බොහොමයක් ගරු කරන ගුරු චරිත 2ක් වේ නම් ඒ මට 8,9,10,11 වසර වලදි ගණන් උගන්වපු "තිලක් විදාණපතිරන " සර් සහ අදටත් මට අකුරු කරවන එක්තරා ගුරුවරියක් පමණකි.
සිරි ලන්කාවේ පාසල් කාලය පුරාවටම හමුවන ප්‍රධාන සන්ධිස්ථාන කීපය අතුරින් ළමයෙකුට 5 ශිෂ්‍යත්වකඩයිම(අද කාලේ අම්මලාගේ විභාගේ) , 11 වසර O/L විභාගේ , O/L පාස් උනොත් A/Lවිභාගයමුහුනදීමට සිදුවන ප්‍රධානතම අභියෝගයන්ය.
O/L කිව්වම ළමයින්ගේ භීතිකාව වෙන්නේ ගණන්ය. (ඒ ඈයිද කියලා මන් අදටත් දන්නේ නෑ). O/L විභාගයට දවස් කීපයකට පෙරත් සර් පන්තියේදි අපට කිව්වේ " ළමයෙකුට පාස් වෙන්නත් ෆේල් වෙන්නත් ලේසිම විෂය ගණිතය" කියලා (මොකද ගණිතය පේපර් 1ට ලකුණු 0ක් ගන්නත් 100ක් ගන්නත් පුලුවන් කියලා සර් අපිට කලින්ම තේරුම් කරලා දීල තිබ්බේ)

                                     මාත් ඉතින් දෙයියනේ කියලා 8 වසරේ ඉදන් ගණන් වලට ටියුශන් පන්තියකට යන්න සිදුවුනේ, ඔනෑකමක් ඈති වුනේ 7 වසර අවසාන වාර විභාගයේදී මා ගණිතය විෂයට දක්වපු දක්ෂතාවය මා මෙන්ම අපේ ගෙදර අයද දෑන සිටි නිසාවෙනි. (7 වසර අවසාන වාර විභාගයේදී මට ගණන් වලට තිබ්බේ ලකුණු 33) ප්‍රදේශයේ සිටින දක්ශතම, ජනප්‍රියම දේශකයා තිලක් සර් උනාට අපේ ගෙදරින් වෑඩි හොදට මාව යෑව්වේ සර්ගේ කණ්ඩායම් පන්තියකටය. බොහොම ටික දවසකින්ම මහා විපර්යාසයක පෙරනිමිති පෙන්නුම් කරන්නට විය. එහි මුල්ම ප්‍රතිඵලය 8 වසර පලමු වාර පරීක්ෂණයට මට ලකුණු 89ක් ලෑබීමත් සමගය.
               
එතෑනින් ආරම්භ වූ ඒ ගමන අවසන් වෙන්නේ O/L වලට "A" 1 ක් සමගය. A/L වලට ගණිත විෂය ධාරාව තොරා ගෑනීමටද මෙය ප්‍රධාන පසුබිම විය. 8,9,10,11 වසර වල මා ගණන්කාරයෙකු කිරීමේ පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ තිලක් සර්ටය. සර් අපිව විෂයෙහි දෑනුමෙන් පූර්ණව සන්නද්ධ කරා, සර්ගේ විෂයෙහි ඈති ප්‍රවීණත්වය, දක්ෂතාවය ගෑන මා පුරසාරම් නොදොඩන්නේ, සරුත් කවදාවත් සර් ගෑන ප්‍රශස්ති නොගෑයූ නිසාවෙනි. සර් ගෙන් එක් දිනක් හෝ අකුරු කරපු අයෙක් වෙතොත්, සර්ගේ විෂයෙහි ඈති ප්‍රවීණත්වය, දක්ෂතාවය පිළිබදව මොනවට සාක්ෂාත් කරන බව නොරහසකි. 


 පාසළ තුලත් ඉන් පිටත් සර්ට තිබ්බේ පුදුම පිළිගෑනීමක්, ගෞරවයක්. ඈත්තටම සර් පුදුම ආදර්ශවත් චරිතයක්. විශේෂයෙන් ළමයින්ට නම් සර් ව දෙවියෙක් වගේ. ඒ වගේම සර්ට පුදුම ආදරෙයි, සරුත් ළමයින්ට එහෙමයි. පාසල තුල ඈට බෝලයකටත් රණ්ඩු කරන පොඩි කොල්ලෝ කුරුට්ටොන්ගේ රන්ඩු සරුවල් බේරන්න පන්ති භාර ගුරුවරයාට පුලුවන් උනාට, ඉහළ පන්ති වල හයේ හතරේ ඉලන්දාරී කොල්ලන්ගේ වලි බේරන්න විදුහල්පතිටත් බෑරි වෙනකොට ඒ හෑම දබරයක්ම විසදුවේ සර්. කොච්චර දඩබ්බරයෙක් උනත් සර්ට මෙල්ල වෙනවා. සර්ගේ වචනයකට උනත් ලමයි පුදුම විදිහට ගරු කලා. සර්ගේ වචනෙට උඩින් කවුරුවත් ගියේ නෑ. එක් දිනක් ඉස්කොලේ ඈරිලා යනකොට සර් බයික් 1න් වෑටිලා රෝහල් ගත කරාම මුලු රෝහල පිරෙන්න පාසල් කීපයකම ළමයි එකතු වුනේ සෑනිල්ලකින්, රෝහල් කාර්‍යය මණ්ඩලය පවා පුදුම කරවමින්ය. එදා බොහෝ දෙනෙකුට බොහෝ දෙවල් තෙරුම් කරවපු දවසක් විය.

පන්ති කරපු කාලෙදි උනත් සර් පුදුම කෑපකිරීමකින් උගෑන්නුවේ. සර් ටියුශන් පන්ති වලදි අය කරන මුදලට  100 ගුණයක සාධාරනත්වයක් කරනවා. පන්ති වල පිස්සු නටන, වෑඩ කරන්නේ නෑති ළමයින්ට අවවාදයක් දෙනකොට සර් නිතරම කියනවා, මන් ඔයගොල්ලොන්ගෙන් මුදලක් අය කරනවා, ඔයාලට උගන්වන්න ඔයාලගේ දෙමාව්පියෝ දුක් විදලා හම්බ කරලා තමයි ඔයාලව පන්ති වලට එවන්නේ, මටත් ණයකාරයෙක් වෙන්න බෑ, හොදට ඉගෙනගන්න මන් පුලුවන් හෑම උදව්වක්ම කරනව කියලා. පන්ති 8ට පටන් ගන්නවා නම් හරියටම 8ට සර් පන්තිය පටන් ගන්නවා, නතර කරන්නේ වෑඩිපුරත් කරලා.

සර්ගේ තියෙන නිහතිමානකම, අව්‍යාජකම, මනුස්සකම, චාම් සරල ගති පෑවතුම් අපි හෑමොටම මහගු ආදර්ශයක්. O/L විභාගෙට දවස් කීපයකට කලින් අපේ පන්තියේ අන්තිම දවසේ මගේ සමරු පොතේ සර් ලිව්වේ මෙහෙමයි
"යහපත්වු සියලු පෑතුම් ඉටුවෙන වාසනාවන්ත අනාගතයකට සුභ පෑතුම්" 
ඈත්තටම ඒක මහා ශ්‍රේෂ්ඪ කියමනක් නොවුනත්, ඒ වදන් පෙළ අදටත් මගේ හිතේ දෝන්කාර දෙනවා, ඒක කොයිතරම්ද කියනවානම් කාගේ හෝ උපන් දිනයකට, අලුත් අවුරුදු උදාවකට, නව වසරක් මුලදී මෙන්ම නොයෙකුත් විශේෂ තෑන්වලදී මන් අදටත් සුභ පතන්න මන් යොදා ගන්නේ ඔය වදන් පෙළයි.

O/L කාලයේ විතරක් නෙවේ 10,9,8 වසර වලදිත් මන් පන්තියේ ගණන්කාරයෙකු වුයේ සර් ට පින්සිද්ද වෙන්නය. ඒ දවස් වල පන්තියේ මම ගණන් වලදි පොරක්. ඉස්කොලේ දෙන ගෙදර වෑඩ නොකරන, ගණන් තෙරෙන්නේ නෑති ලමයි පහුවදා උදේට මන් එනකම් මග බලන් එන්නේ මන් හදලා තියෙන ගණන් ටික කොපි කරගන්නටයි. එදා ඒ ගණන් වලට දක්වපු ඈලුම්කම අදටත් එහෙම්මමයි.10,11 පන්තිවලදි උගන්වපු ගණන් මට අදටත් හොදට මතකයි. ඒ දවස් වල සර් සාධනය කරපු ප්‍රමේයයන් එහෙම මට පේළියක් නෑර මතකයේ තියෙන්නේ එදා ඒ සර් මගේ හිතේ ගණිතය විෂය කෙරෙහි ඈති කරපු ආශාවයි.

දයාබර "තිලක් විදානපතිරණ" ගුරු පියාණෙනි,
ඔබට මගේ හදපිරි නමස්කාරය...!!!


ස්තුතිය:- දිල්ශාරා වීරසිoහ ගුරු මෑණියට