Pages

Monday, April 23, 2012

අරමුණක්, අභියෝගයක් නැති ජිවිතයක කිසිම go එකක් නෑ.....


අපි හැමෝටම ජිවිතයේ විවිධාකාර අරමුණු තියෙනවා. කතාවටත් කියනවනේ "අරමුණක් නැති ජිවිතය පරිප්පු නැති හෝටලේ වගේ" කියලා. (ලිපිනය නොලියා තැපැල් කරපු ලියුමුත් ඔය වගේ තමා) කොහොම හරි අරමුණු කියන ඒවාට ජිවිතේ ඒ තරම්ම වැදගත් කමක් ලැබෙනවා. ඒ වගේම හැම ජිවිතේටම අභියෝග කියන ඒවා තියෙනවා. සමහරු ඒවට මුහුණ දෙනවා සමහර වෙලාවට දිනනවා, තවත් වෙලාවක පරදිනවා. සාමාන්‍යයෙන් අරමුණක්, අභියෝගයක් නැති ජිවිතයක කිසිම go එකක් නෑ. කොහොම උනත් සමහර වෙලාවට අපේ තියෙන භෞතික සහ අධ්‍යාත්මික වත් පොහොසත් කම් වලට වඩා ගොඩක් වැඩි බලාපොරොත්තු අපේ ජිවිත වල තියෙනවා, ඒක තමා ඇත්ත.


 සමහරු ජිවිතේ තීරණාත්මක මොහොතකදී ගොඩක් කල්පනා කරලා හදාගන්න එක අරමුනක් වෙනුවෙන් මුලු ජීවිතයම කැප කරනවා. තවත් සමහරු තමන්ගේ හැකියාවන් පිලිබදව අනවබෝධයෙන් ජීවිත කාලයම පුරාම එක එක අරමුණු කරා ජිවිතය මෙහෙයවමින් මුලු ජීවිත කාලයම නන්නත්තාර කර ගන්නවා. අරමුණු කියන ඒවා කාලයත් එක්ක update වෙන්න ඕන කියලයි මට හිතෙන්නේ. එතකොටයි ජිවිතේ turning point සින්හලෙන්ම කිව්වොත් ජිවිතයේ හැරවුම් ලක්ශ්‍යය තීරණය වෙන්නේ.

උත්සාහවන්තකම පෞරුෂයේ ප්‍රබල සලකුණකි.

"උත්සාහවන්තයා ජය ගනී" යැයි සුප්‍රකට කියමනක් අපි හැමෝම අසා තියෙනවා, එය හුදෙක් කට වචනයටම දෙඩුවක් නොවේ, යථාර්ථවාදී කියමක්. ඔබේ දියුණුව රදා පවතින්නේ ඔබේ උත්සාහයේ පරිමාව මතයි. ඔබ උත්සාහවන්ත වන තරමට දියුණුව ඔබ පසුපස එයි. ඔබ කොතරම් උත්සාහ කලත් මෙච්චර තමා යැයි හූල්ලමින් ජිවත් වෙන්නා කිසිදා දියුණුවක් නොලබයි. උත්සාහයේ ප්‍රතිපලද සෝඩා බොතලේ කැඩුවම වගේ ක්ෂනයෙන් ලැබෙන්නේද නැත, ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවද එයද තීරණය වන්නේ ඔබ යොදන උත්සාහයේ පරිමාව තරම මතය.

"ජිවිතේ සටන් නිරන්තරයෙන්ම වඩා වේගවත් වූත් වඩා ශක්තිමත් වූත් මිනිසා විසින්ම ජයගනු නොලබයි, ඉක්මන් වී හෝ පමා වී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකියැයි සිතන මිනිසාය"

ජීවිතේ අපි ලබන ඕනෑම ජයග්‍රහණයකදී අපිට තවත් අලුත් අරමුණක් නිර්මානය වෙනවා, ඒක බොහොම ස්භාවිකයි, සා,පෙ විභාගේ ලියපු ළමෙක් ඊලග ඉලක්කය උසස් පෙල කර ගන්නවා, රටේ අගමැති වෙච්ච මනුස්සයා උනත් හිතන්නේ ඊලගට ජනාධිපති වෙන්නේ කොහොමද කියලා, ඒක බලලෝභි කම නිසාවත්, අනිකුත් වරප්‍රසාද ගැන විතරක්ම හිතලා වෙන්නක් නෙවේ, සමහරවිට ඒ මනුස්සයාගේ අරමුණ වෙලා තියෙන්න ඇත්තේ රටේ ජනාධිපතිකම වෙන්නත් ඇති කෙසේ හෝ වේවා ඕනෑම ජයග්‍රහනයකදී හැම වෙලාවෙම ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යක් වෙනවා, ඒ නිසයි ජිවිතේ අපි ලැබු සෑම  ජයග්‍රහණයක්ම අපිට විශේෂ මතක සැමරුම් වෙලා තියෙන්නේ. 5 ශිෂ්‍යත්වය, සා.පෙ, උසස් පෙළ, ‍රැකියාවක් ලැබුණු දවස, උසස් වීමක් ලැබුණු දවස ........... etc
කොහොම හරි  හැම ජයග්‍රහණයක්ම ජීවිතයක හැරවූම් ලක්ෂ්‍යයක්.

ඒත් මේ ගැන හිතුවද?

දියුණුවන්නට කැමති සෑම පුද්ගලයෙගේම ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ "පරාජයන්". එහෙම දියුණු වෙච්ච සෑම මිනිහෙක්ම ජිවිතේ කොයිම හෝ මොහොතක හරි අනන්තයටම පරායය වෙලා ඇති. (ඒක එහෙමම වෙන්න ඕන කියලා නියමයක් නම් නෑ) පරාජයන් අභිමුවේ එය තවත් එක සිදුවීමක් යැයි සිතා සිටින අය මන් මේ කියන දේ එක්ක එකග නොවෙන්න පුලුවන්. නමුත් කරන කියන හැමදේකින්ම යහපත් දෙයක් බලාපොරොත්තු වෙන බුද්ධිමත් මිනිසුන් අත්වැරදීමකින් හෝ ලැබූ පරාජයන් ජිවිතයේ වටිනාම කියන හැරවුම් ලක්ෂ්‍යයක් බවට පරිවර්තනය කර ගන්නවා.

"දැඩි ආත්ම" විශ්වාසය
ඔබේ ජිවිතයේ සියලු ජයග්‍රහණ
ඔබට තවත් ලන් කරනු ඇත.
"ඕනෑකම" විසින් 
ඔබ සතු "ආත්ම විශ්වාසය"
තව තවත් වැඩි කරනු ඇත.
ජිවිතයේ සියලුම ජයග්‍රහණ ලැබු "වාසනාවන්තයා" යනු
"ඕනෑකම" ඇතිව ක්‍රියා කල පුද්ගලයා වේ.
"වාසනාව" යනු
ඕනෑකමට තවත් නමක් මිස
ඔබට උරුමයෙන් හෝ සහජයෙන් හෝ ලැබෙන්නාක් නොවේ.
කරන වැඩක් ඕනෑකම ඇතුව කරන්න
"ඕනෑකම" ඇත්නම් කරන්න 
බැරි වැඩක් නැත.
"ඕනෑකම" නැතිනම් කරන්න පුලුවන් වැඩක්ද නැත.

ජිවිතේ හැම තත්පරයක්ම හරිම වටිනවා, ඔබ නොසිතා ගෙවා දමන සෑම තත්පරයකම වටිනාකම අනාගතයට ආයෝජනයක්.


හීන් සීරුවේ හිතලා බලන්න......... :)

No comments:

Post a Comment